වැරදී කළ ක්‍රීඩකයෙකුට හා භෞත චිකිත්සකයෙකුට තරග තහනම්

මේ දිනවලදී පැවැත්වෙන අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය අතරතුරදී සිදුවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ක්‍රීඩකයෙකුට හා භෞත චිකිත්සකවරයෙකුට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර ඇත. ඒ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලකට සහ මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත චිකිත්සක ලසන්ත බස්නායකටය.

පසුගිය සතියේ පැවති හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම අතර තරගයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු කරුණාතිලක සිය ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට පහරදීම මෙම තරග තහනමට හේතුව වී ඇත. ඒ අනුව ඔහුට ඉදිරි තරග 2ක් තහනම් වනු ඇත.

මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත චිකිත්සක ලෙස කටයුතු කරන ලසන්ත බස්නායකට එක් තරග තහනමක් පනවා ඇත්තේ පොලිස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේදී තරග වෛද්‍යවරයා (Match-day Doctor)ට තම රාජකාරි නිසි ලෙස කිරීමට බාධා පැමිණවීම හේතුවෙනි. ඒ අනුව ඔහුට ද මිළඳ තරගය අහිමි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here