වාස්… තනතුරින් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ධුරයට පසුගියදා පත්කරන ලද චමින්ද වාස් අද (22) සවස එම තනතුරින් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මෙතෙක් එම තනතුරේ කටයුතු කළ ඩේවිඩ් සකර් ඉල්ලා අස්වීම නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව  ⁣වාස්ව අදාළ තනතුරට පත්කර තිබුණි.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (23) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබියදී මෙසේ චාමින්ද වාස් අද ඉල්ලා අස්වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here