වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය රෝස් ටේලර්ට

නවසීලන්තයේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමට සුපිරි පිතිකරු රෝස් ටේලර් සමත්විය.

නවසීලන්ත ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි සම්මානය ටේලර් විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව තුන්වැනි වරටය.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය ටිම් සවුතිට හිමිවූ අතර කිම් කොටොන් වසරේ තරග විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍රවිය.

රෝස් ටේලර්ට වසරේ ක්‍රීඩකයාට අමතරව ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩකයාගේ සම්මානයත් හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here