වයස 15 න් පහළ සැක සහිත ක්‍රිකට් තරගයක් පිළිබද විමර්ශනක් ඉල්ලයි

කුරුණෑගල මලියදේව ක්‍රීඩාංගනයේදී පැවති වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ දෙවන වටයේ පැවති කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය අතර තරගයේ ප්‍රතිඵලය තමන්ට අවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම තරගාවලියට සහභාගි වන කොළඹ මහානාම විද්‍යාලය පාසල් ක්‍රිකට් සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .

ශාන්ත බෙනඩික් කණ්ඩායම සත්කාරකත්වය දැරූ මෙම තරඟය පවත්වා ඇත්තේ කුරුණෑගල මලියදේව ක්‍රීඩා පිටියේදීය.වර්ෂාවෙන් බාධා වී ප්‍රමාද වී ආරම්භ කළ මෙම තරගයේ අතරතුර ද වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත .කරුණු එසේ තිබියදීත් දිනය අවසන් වන විට ලකුණු 539 ක් වාර්තා වී තිබෙන අතර කඩුලු 18 බිඳ වැටී ඇත. මෙතෙක් සෑම තරගයකටම ශාන්ත බෙනඩික් කණ්ඩායම වෘත්තිමය ලකුණු සටහන්කරුවකු ගේ සේවාව ලබා ගත්තද මෙම තරගයට එම සේවාව ලබා ගෙන නොමැත

.ඉහත තරගයේ ප්‍රතිඵලය ට පෙර කොළඹ මහානාම විද්‍යාලය දළ ලකුණු සටහනේ පෙරමුණ ලබා සිටි අතර මෙම තරඟය මලියදේව සහ බෙනඩික් විදුහල් ඉදිරි වටයට සුදුසුකම් ලැබීමේ අරමුණින් සැලසුම් සහගතව පවත්වා ඇති බව මහානාම විදුහල සිය පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇත . මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනක් සිදු කරන ලෙස විදුහල්පති තුමා සිය අත්සනින් යුතු ලිපියක් මගින් පාසල් ක්‍රිකට් සංගමයට දැනුම් දී ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here