වයස වැඩි නිසා කුලසේකරව කණ්ඩායමට ගන්න බැරිලු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරව යළි කණ්ඩායමට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසාන්තා ද මැල් මහතා පැවසීය.

ඒ ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමෙන් අනතුරුව අද (08) යළි දිවයිනට පැමිණි ක්‍රිකට් කණ්ඩායමත් සමග පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ලසිත් මාලිංග පසුගියදා ලෝක කුසලාන ක්‍රිකට් තරග වලට සමුදුන්නේ ඉන්දියාව සමගින් පැවැති තරගයෙන් අනතරුවය. ඉන් පසු මාලිංග සඳහන් කලේ නුවන් කුලසේකරටද සමුගැනීමේ තරගයක් අවශ්‍ය බැවින් ඔහු සමගින් එකම තරගයකට ක්‍රීඩා කොට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම තම අපේක්ෂාව බවයි.

ඒ පිළිබදව තේරීම් කමිටු සභාපතිවරයාගෙන් විමසීමේදී ඔහු මෙම පිළිතුර ලබාදී ඇත්තේ කුලසේකර මේ වනවිට දක්ෂතා අතර නොමැති බවත්, ඔහුට දැන් වයස වැඩි බැවිනුත් කණ්ඩායමට ඇතුළත්කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here