ලෝක බැඩ්මින්ටන් ශූරතාවය දිනූ සින්ධුට අගමැති මෝඩිගෙන් මිලිනයක්

ස්විට්සර්ලන්තයේ බසේල් නුවර පැවැති ලෝක බැඩ්මින්ටන් තරගාවලියේ රන් පදක්කමක් දිනා පළමු ලෝක බැඩ්මින්ටන් කිරුළ දිනූ පළමු ඉන්දීය ක්‍රීඩිකාව බවට පත්වූ පී.වී.සින්ධුට සුබ පතමින් රුපියල් මිලියනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පියවර ගත්තේය.

24 හැවිරිදි මේ ක්‍රීඩිකාව ස්විට්සර්ලන්තයේ දී රන් පදක්කම දිනා ගැනීමත් සමග ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ පදක්කම් 5ක් අත්කර ගනිමින් ලෝක ශූරතාවට හිමිකම් කීවාය.

ඇය ඊට පෙර ලෝකඩ පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් දිනා තිබිණ.

ස්විට්සර්ලන්තයේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී ඇය වෙතින් ලකුණු 21-7ක් සහ 21-7ක් ලෙස පරාජයට පත්වූයේ ජපානයේ නොසෝමි ඔකුහාරාය. 

සින්ධු ඊට පෙර දෙවතාවක්ම ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම ගිලිහී ගියේය.

ඉන් එක් වතාවකදී නොසෝමි හමුවේ පරාජයට පත්වූ අතර තවත් අවස්ථාවකදී කැරොලිනා මාරින් හමුවේ පරාජයට පත්වෙමින් රිදී පදක්කමින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here