ලෝක කුසලාන සමාරම්භක උළෙලේදී මහේලයි දමයන්ති දර්ශයි ක්‍රිකට් ගැහුවේ මෙහෙමයි (වීඩියෝ සහිතයි)


12 වැනි ක්‍රිකට් ලෝක කුසලානයේ සාමාරම්භක උළෙල ඊයේ (29) එංගලන්තයේදී පැවති අතර එහිදී බොහෝදෙනෙකුගේ අවදානය දිනාගත්තේ සෑම කණ්ඩායමකම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ එම රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු එක්ව ත්තපර 60 කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම තේරීමේ තරගයයි. එහි ජයග්‍රහණය හිමිවූයේ ලකුණු 74ක් ලබාගත් එංගලන්තයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූයේ මහේල ජයවර්ධන හා මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශාය. ඔවුන් දෙදනා එක්ව ලකුණු 43ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාවට එහි 6 වැනි ස්ථානය හමිවූ අතර 10 වැනි ස්ථානය හිමිවූයේ ලකුණු 22ක් ලබාගත් ඉන්දියාවටය.

එම වීඩියෝව මෙන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here