ලෝක කුසලාන පළමු තරගයට පෙර මහේලගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පණිවුඩයක්

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය අද ආරම්භ වීමට නියමිතයි.

නවසීලන්තය සමඟ පැවැත්වෙන මෙම තරඟය කාඩිෆ් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වනු ඇති.

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න සමඟ ලහිරු තිරිමාන්න ක්‍රීඩා කිරීමට නියමිත බවයි  කාඩිෆ් වලින් වාර්තා වන්නේ.

ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු පුහුණු තරඟය අතර තුර අබාධයකට ලක්වූ අවිශ්ක ප්‍රනාන්දු අද තරඟයට එක්වීම අවිනිශ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන්.

ක්‍රිකට් විචාරකයින් පවසන්නේ තිසර පෙරේරා, ලසිත් මාලිංග වැනි ප්‍රබල ක්‍රීඩකයන් සමඟ ශ්‍රී ලංකාව, එක්දින දර්ශකයේ 04 වන ස්ථානයේ රැඳී සිටින නවසීලන්තයට අභියෝගයක් එල්ල කරනු ඇති බවයි.

මේ අතර අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා පිළේ හිටපු නායක මහේල ජයවර්ධන සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

 මහේල මෙම සුබ එක්කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

 තමන් හැකියාවන් පිළිබඳව විශ්වාසය තබන ලෙස එහිදී ඔහු ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින්ට පණිවුඩයක් ද ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here