ලෝක කුසලාන ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉන්දියාව පෙරමුණට..

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 257කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනුව තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්වීමත් සමග ප්‍රසාද ලකුණු 120ක් ලබාගනිමින් ලෝක කුසලාන ටෙස්ට් ශූරතා තරගාවලියේ පෙරමුණට පැමිණීමට ද ඔවුනට හැකිවී තිබෙනවා.

පළමු ඉනිමේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 416ක් රැස් කළ අතර, හනුමා විහාරි සිය මංගල ටෙස්ට් ශතකය එහිදී වාර්තා කිරීමද, කොදෙව් පළමු ඉනිමේ දී ජස්ප්‍රිත් බුම්රා කඩුළු ත්‍රිත්වයක් සමග සමස්ථ කඩුළු 6ක් දවා ගැනීමද විශේෂත්වයක් වුණා. 

බටහිර ඉන්දීය කොදෙව් පිලට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ  ලකුණු 117ක් පමණයි.

ඒ අනුව ලකුණු 299ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹු ඉන්දියාව කඩුළු 4ක් දැවී ලකුණු 168ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් පිලට ලබා දුන්නා. 

එහිදී ලකුණු 468ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 210ක් පමණයි. ඒ අනුව ලකුණු 257ක ජයක් ඉන්දියාවට හිමිවුණු අතර, ලෝක කුසලාන ටෙස්ට් ශූරතා තරගාවලියේ පෙරමුණට පැමිණීමට ද ඔවුනට හැකිවුණා.  

එසේම ප්‍රසාද ලකුණු 60ක් සමගින් ලෝක කුසලාන ටෙස්ට් ශූරතා තරගාවලියේ  දෙවැනි ස්ථානයේ නවසීලන්තයත්, ශ්‍රී ලංකාව තෙවෙනි ස්ථානයේ පසුවීමත් විශේෂත්වයකි.

ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි සහ පස් වෙනි ස්ථාන මේ වනවිට ලබාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයයි. ඒ ප්‍රසාද ලකුණු 32ක් බැගින් ලබාගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here