ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී විනිසුරුවරුන්ගෙන් දෝෂයක් වුණාද?

ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟයේ දී විනිසුරු දෝෂයක් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 06ක් හිමි වු බව හිටපු විනිසුරුවරයෙකු වන සයිමන් ටෝෆල් පවසයි.

එංගලන්ත පිතකරුවන් දෙදෙනෙකු ලකුණු 02ක් කරා දිව යාමේදී පන්දු රකින්නා නැවත යොමු කළ පන්දුව එක් පිතිකරුවෙකුගේ පිත්තේ වැදීමෙන් හතරේ සීමාව වෙත ඇඳී ගියේය.

එහිදී විනිසුරුවන් තීරණය කළේ පිතිකරුවන් දෙදෙනා දිවගිය ලකුණු 02 සමඟ ලකුණු 06ක් ලබා දීමටයි.

නමුත්  අයි.සී.සී තරඟ නීති අනුව එය ලකුණු 05ක් විය යුතු බව සයිමන් ටෝෆල් පවසයි.

ඊට හේතුව පන්දු රකින්නා පන්දුව රැගෙන යළි යොමු කරන අවස්ථාව වනවිට පිතිකරුවන් දෙදෙනා දෙවන ලකුණ සම්පුර්ණ කර නොතිබීම බව ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here