ලෝක කුසලානය දිනන්න අපිටත් පුලුවන් – නවක රංගන ශිල්පිනි ශර්මිලා කුරුප්පුගේ (කවීශා)

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව හා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව අදහස් දැක්වීමට Sports Today සමගින් මෙවර එකතුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් ලැදි නවක රංගන ශිල්පිනී ශර්මිලා කුරුප්පුගේ මෙනෙවිය.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින බොහෝ කණ්ඩායම් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ එතරම් ලොකු විශ්වාසයක් තබා නොතිබෙන බවයි පෙනෙන්නට තියෙන්නේ. නමුත් මම නම් කියන්නේ ඒ නිසාවෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාවක් අපිට තියෙනවා කියලා.

මොකද එයාලා අනිත් කණ්ඩායම් ගැන ලොකු අවධානයක් යොමුකරද්දි අපිට පුලුවන් වෙනස්ම සැලැස්මක් එක්ක තරග 5ක් විතර දිනලා අවසන් පූර්ව තරග වලට එන්න. ඒ සඳහා අපේ ක්‍රීඩකයන් තමන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුයි.

සාමාන්‍යයෙන් ක්‍රිකට් තරග බලන්නේ පිරිමි ළමයිනේ. ඒත් මම නම් එයාලටත් වඩා ක්‍රිකට් තරග බලනවා. හැමදේටම වඩා මට ලොකු ක්‍රිකට් තමයි. ඒ නිසාම “ශ්‍රී ලංකා ක්‍රිකට් තරු සහ (ලෙජන්ඩ් කවී)” නමින් ලංකාවේ මේ යනවිට සක්‍රීයම ක්‍රිකට් ගෲප් එක නිර්මාණය කළෙත් මම. ඒක විශේෂයෙන්ම කළෙත් මෙවර ලෝක කුසලාන තරගාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත්කිරීමේ අදහසින්ය. ගොඩාක් ගෲප් ආරම්භයේදී හොඳට තිබුනත් ක්‍රිකට් වලටත් සමහරු ජාති, ආගම් භේද අරන් එනවනේ. අපේ ගෲප් එකේ ඒවාට ඉඩක් නෑ.

ශර්මිලා මේ දවස්වල අනිත් සියලුම වැඩ කටයුතු වලින් ඈත්වෙලා ඔවුන්ගේ ක්‍රිකට් ගෲපයේ වැඩකටයුතු වෙනුවෙන්ම වෙහෙසෙන බව තමයි අපිට නම් කීවේ. ඊට අමතරව Sri Lanka Economy වෙබ් අඩවියේ Biz Fashion වෙනුවෙන් ඇය පෙනී සිටිනවා.

මෙරට ක්‍රීඩාව වෙනුවෙන් Sports Today සිදුකරනු ලබන කාර්යභාරයද විශේෂයෙන් අගය කිරීමට ඇය අමතක කලේ නැහැ.

මෙවර ලෝක කුසලානයේදී සිංහ පැටවුන්ට සුබපතන්න Sports Today සමගින් එකතුවන තවත් තරුවක් සමගින් මීළග ලිපියෙන් හමුවෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here