ලෝක කුසලානයෙන් පස්සේ ක්‍රිකට් පරිපාලනය උඩුයටිකුරු වන වෙනසක් කරනවා – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

ලෝක කුසලානයෙන් අනතුරුව තමන් ක්‍රිකට් පරිපාලනය උඩුයටිකුරු වන වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, ලංකාවේ ක්‍රිකට්වල දැන් පවතින ගැටලුව වනුයේ දක්ෂතාවල නොවන බවත් ‘සිස්ටම්’ එකේ බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.
හෙතෙම මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (20දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
“ජනවාරි මාසේ මම මේ අමාත්‍ය ධුරය භාරගන්න විට මේ සියල්ලම මගේ කරපිට පැටවුණු දේවල්. එතකොට මම මේ දේ වෙනස් කරන්න ගියා නම් මිනිස්සුත් මට බණීවි මම මේ මොනවද ක්‍රිකට්වලට කරන්න යන්නේ කියලා. හොඳම දේ මම ඒ වෙලාවේ නිලධාරීන් මාරු කළේ නැහැ, ඔවුන්ට අවශ්‍ය දේ කරගන්න දීලා නිකන් හිටියා.
ලෝක කුසලානයේදී ඔවුන් කියපු දේවලට මම අත්සන් කළා. මම විශ්වාස කරනවා මෙතන ක්‍රීඩා කරන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා, වෙනස් වෙන්න ඕනේ යට ඉඳන් නෙමෙයි. අපේ ක්‍රිකට් තරග බැලුවාම අපේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14ක් ක්‍රීඩා කරනවා. ලෝකේ බැලුවාම ක්‍රීඩා කරන්නේ හයයි අටයි. මේ %14 ක්‍රිකට්^ ක්‍රීඩා කළාම දක්ෂතාව ඉස්මතු වෙන්නේ නැහැ, බාල වෙනවා. එනිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
ඉස්සර අර්ජුන රණතුංග ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න එනකොට අවුරුදු පහළොවයි දහසයයි. දැන් එහෙම ක්‍රීඩකයෝ ඉන්නවා, හැබැයි ඔවුන්ට එන්න පාර නැහැ. ලංකාවේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා.
ඒ වගේම විගණකාධිපතිවර්යාගේ වාර්තාව එනකන් ඉන්නවා මම පරිපාලනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. මම හිතනවා ඒක මේ සතියේ හෝ ඊළඟ සතියේ මට ලැබේවි. මම එය ලැබුණම ක්‍රිකට්වලත් ලොකු වෙනසක් කරනවා. ලෝක කුසලානයෙන් පස්සේ මම උඩු යටිකුරු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා’ යැයි පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here