ලෝක කුසලානයට පෙර අවසන් තරගය නව නායකයා සාර්ථකව ජයගනී

ස්කොට්ලන්තය හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි ඒක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 35ක ජයක් වාර්තා කිරිීමට ශ්‍රී ලංකාව ඊයේ (21) සමත්විය. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් ඒක්දින තරගය මෙය වීමත් දිමුත් කරුණාරත්නට කණ්ඩායම මෙහෙවීමට ලැබෙන පළමු අවස්ථාව මෙය නිසාත් බොහොදෙනෙකුගේ අවදානය මෙම තරගය දෙසට යොමුව තිබුණි.

කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදුන්නේය. ඒ් අනුව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් බිඳවැටී ලකුණු 322ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක 3ක් වාර්තා වූ අතර ඒ් අතරින් අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන් සිය මංගල අර්ධ ශතකය වාර්තා වූයේ ලකුනු 74ක් වශයෙනි. නායක දිමුත් කරුණාරත්න වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ලකුණු 77ක් ලබාගනිමිනි. ප්‍රහාරත්මක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්ද ලකුණු 66ක් රැස්කිරීමට සමත් විය. ස්කොට්ලන්තය වෙනුවෙන් බ්‍රැඩ් වීල් කඩුලු 3ක බිඳහෙලීය.

ලකුණු 323ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමට වර්ෂාවෙන් බාධා ඒල්ලවීම නිසා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 34කදී ලකුණු 235ක ඉලක්කයක් හිමිවිය. ඒනමුත් පන්දුවාර 32.2කදී ස්කොට්ලන්තයේ සියලුම ක්‍රීඩකයන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දුයවන්න් සමත්වීම නිසා ලකුණු 35ක ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. ස්කොට්ලන්තය වෙනුවෙන් මැතිව් ක්‍රොස් ලකුණු 55කින් සහ කයිල් කොට්සර් ලකුණු 35කින් පිත්තෙන් දායකත්වය සැපයීය. පන්දුයැවීමේදි කඩුලු 4ක් බිඳදමමින් නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කරදීමට සමත්වීම කැපී පෙණුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here