ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට යන ශ්‍රී ලංකා පිල මෙන්න

21 වැනි වතාවට පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා රුසියාවේ කසාන් නුවරදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගි වෙයි.

හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරියක් සහ ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්ද වන තිළිණි ජයසිංහගේ පුහුණුකාරිත්වයෙන් මෙම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ මහතා යි. එසේම තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් වන සියලු වියදම් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් දැරීමට ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම
ලෝචන ද සිල්වා (කොළඹ නාලන්ද විදුහල)
විරේන් නෙත්තසිංහ (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
චමත් ඩයස් (ගාල්ල රිච්මන්ඩ් විදුහල)
තුලිත් පල්ලියගුරු (ගාල්ල රිච්මඩ් විදුහල)
චරිත් ඉල්පෙරුම (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල) – අතිරේක ක්‍රීඩක

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම
ඩිල්මි ජයස් (මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය)
පංචාලි අධිකාරි (මහනුවර මහාමායා විදුහල)
චමුදි අබේවික්‍රම (නුගේගොඩ අනුලා විදුහල)
අනුරංගි මස්කෝරල (ගාල්ල සවුත්ලන්ඩ් විදුහල)
ජනනුවනි අමන්දා (කොළඹ විශාකා විදුහල) – අතිරේක ක්‍රීඩිකා 

ඡායාරූප – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here