ලෙජන්ඩ්ස් හා යෞවනයෝ අතර තරගය අද හෙටම

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගය මැයි 4 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සූදානම් බව වාර්තා වේ.
මීට පෙර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවීම තිලකරත්න දිල්ෂාන්ට පැවැරී තිබුනද, ඔහු මේ දිනවල ඕස්ටේ්‍රලියාවේ වෙසෙන බැවින් කණ්ඩායම් නායකත්වය සනත් ජයසූරියට හිමිව ඇත. ජාතික කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවනු ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගයද මෙම ක්‍රීඩාංගණයේදී හෙට (28) ආරම්භවීමට නියමිත අතර, එය අවසන් වනුයේ මැයි 3 වැනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here