ලැබ්රෝයි ගෙදර යවා අසන්තට තේරීම් කමිටුව භාර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අසන්ත ද මේල් මහතාගේ සබපතිතාවයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුවක් ඊයේ (25) ප්‍රකාශයට පත් කරනු ලැබිය. පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් මත මෙම නව තේරීම් කමිටුව පත්කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවතී ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව ඊයේ (25) සිට බල රහිත වනු ඇත. එම තේරීම් කමිටුව මිට පෙර පත්කර තිබුනේ එළැඹෙන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වාය.

නව තේරීම් කමිටුවට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ඇතුලත්ව ඇත්තේ තරග සංචාරයන් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම වෙනුවෙනි. නව තේරීම් කමිටුව පත්කර ඇත්තේ කොපමන කාලයකටදැයි තවම සඳහන් කර නොමැත.

නව තේරීම් කමිටු සාමාජිකයන්
• අශාන්ත ද මෙල් මහතා – (සභාපති)
• බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා – (සාමාජික)
• හේමන්ත වික්‍රමරත්න මහතා – (සාමාජික)
• චමින්ද මෙන්ඩිස් මහතා – (සාමාජික)
• චන්දික හතුරුසිංහ මහතා – (තරග සංචාරයන් සඳහා තේරීම් කටයුතු සිදුකිරීමට)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here