ලාරාගේ කණ්ඩායම පැරදවූ දිල්ශාන්ගේ කණ්ඩායමට කඩුලු 5ක ජයක්

මාර්ග ආරක්ෂණ (Road Safty) ක්‍රිකට් තරගාවලියට අදාළව අද (06) පැවැත්වුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 5ක් ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉන්දියාවේ රායිපූර් හිදී පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4ක් බිඳවැටී ලකුණු 157ක් රැස් කළේය. නායක බ්‍රයන් ලාරා ලකුණු 53කින් ඊට දායක විය.

පන්දු යැවීමේදී තිලකරත්න දිල්ෂාන් සහ චින්තක ජයසිංහ එක් කඩුල්ල බැගින් ලබාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබාගත්තේය. එහිදී උපුල් තරංග නොදැවී ලකුණු 53ක් සහ නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 44 ක් ලබාගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here