ලහිරු තිරිමාන්නට පාකිස්ථාන සංචාරයේ නායකත්වය ….

පාකිස්ථානයට යන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව ඇති අතර විස්සයි විස්ස තරග සදහා නායකත්වය දසුන් ශානකට ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මෙන්ම 20/20 කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග පාකිස්ථාන සංචාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පත්වීම් කර තිබේ.

ඔවුන් දෙදෙනා ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනකු පකිස්ථාන තරග සංචාරය ප්‍රතික්ෂේප කර ඇත.

ලබන 27 වනදා ආරම්භ කිරීමට සැලසුම් කරඇති තරගාවලියට යන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here