ලංකා ඉතිහාසයේ හොඳම ලෝක කුසලාන කණ්ඩායම මෙන්න

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් අතුරින් ‌‌හොඳම 11දෙනාගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මගින් නම් කර තිබේ.

එහි ආරම්භක පිතිකරු යුගලය වන්නේ ‘මාස්ටර් බාලාස්ටර්’ ලෙස හඳුන්වනු ලැබු සනත් ජයසූරිය සහ ‘ඩිල්ස්කූප්’ පහර ලොවට හඳුන්වාදුන් තිලකරත්න දිල්ෂාන්ය.

ලොව හොඳම කඩුලු රකින්නෙක් හා අංක 3 පිතිකරුවෙක් ලෙස සැලකෙන කුමාර් සංගක්කාරට මෙම කණ්ඩායමේද එම වගකීම් දෙකම හිමිව තිබේ. දෙවනුව පන්දුවට පහරදී ලකුණු හඹායන තරග වලදී අංක 4 පිතිකරුවා ලෙස පැමිණ තරගය ජයගන්නා තුරු සටන අත්නොහරින අරවින්ද ද සිල්වාට කණ්ඩායහේ ස්ථානය වෙන්ව තිබේ.

‘කැප්ටන් කූල්’ ලෙස හැඳින්වූ 1996 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් අර්ජුන රණතුංගට කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොඳම තරග අවසන් කරන්නෙක් ලෙස සැලකෙන ඇන්ජලෝ මැතිව්ස් අංක 6 පිතිකරුවා ලෙස එකතුවන්නේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසිනි.

අංක 7 වෙන්වන්නේ 90 දශකයේ සිටි සුපිරි වේගපන්දු යවන්නා වූ චමින්ද වාස්ටය. අවශ්‍ය ඕනෑම විටෙක වෙගයෙන් පන්සුවට පහරදීමට වාස්ට හැකියාව ඇත. වත්මන් තේරීම් කමිටු සභාපති අසන්තාද මෙල්ට අංක 8 වෙන්ව ඇත. අංක 9 ලෙස ක්‍රීඩා කරනුයේ ‘යෝකර් කිං’ ලසිත් මාලිංගය. සුපිරි දඟපන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ට වෙන්ව ඇත්තේ 11 වැනි ස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here