ලංකාවට සුද්ධ‌යක් දෙන්න ඕස්ට්‍රේලියාව සංචිතය වෙනස් කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සදහා ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක් සිදුකර ඇති බව වාර්තා වේ. ඒ දෙවැනි ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරැ‌වෙකු වෙනස් කිරීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකාව සමගින් පැවති තරගයේදී සිය ස්ථානය තහවුරු කරගැනීමට අපොහොසත් වූ ආරම්භක පිතිකරු මැට් රෙන්ෂෝ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස් සංචිතයට කැදවා ඇත. මෙවර තරගවාරයේදී රතු පන්දුවෙන් තමාට සුපුරුදු ක්‍රීඩා රටාව පුදර්ශනය කිරීමට ඔහු සමත්වී තිබෙන්නේ පිත්තෙන් (ලකුණු සාමාන්‍ය 42.57) සහ පන්දුවෙන් (25.20)ක් වශයෙනි.

“අපිට ඉදිරි තරගවල දී ඕන කරන්නේ වඩාත්ම සමබර කණ්ඩායමක් ඉතින් ඒ නිසා කණ්ඩායමේ සංයුතියේ වෙනසක් කිරීමේ අවශ්‍යතාව දැනුණු නිසායි අපි මේ තීරණයට එළඹුණේ. ඉදිරි තරගයේ දී පන්දු යවන්න පුළුවන් වගේම පිත්තෙනුත් දස්කම් දක්වන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදියට ස්ටොයිනිස්ව එක් කරගැනීමට හිතුවේ ඒ නිසා” ඕස්ට්‍රේලියානු ප්‍රධාන තේරීම් කමිටුභාර නිලධාරි ට්‍රෙවර් හෝන්ස් මහතා ඒ පිළිබදව එසේ පැවසීය.

තරගාවලියේ මිළග තරගය පෙබරවාරි 01 වැනිදා කැන්බරාහිදී ආරම්‍භවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here