ලංකාවට ලෝක කුසලානයේ අවසාන මහා තරගයට යන්න පුළුවන් – මහේල ලොකු හයියකින් කියයි (video)

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්දන මෙවර ලෝක කුසලානයේ සමාරම්බක අවස්ථාවට සහභාගී වුනා.මේ අවස්ථාවේදී මාද්‍යවෙදියෙක් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ සිටියා.

“ශ්‍රී ලංකා කණ්ඩායම හැම වෙලාවේම ලෝක කුසලානයේ ස්ථානයක් හිමිකර ගැනීමට මාර්ගය හදාගත්තා. ඔව් අපේ කණ්ඩායමේ ලොකු වෙනස් කම් කිහිපයක් තියනවා. විශේෂයෙන්ම කණ්ඩායමේ ඉන්නේ අලුත් නායකයෙක්. ඔහු කාලෙකින් අන්තර්ජාතික එක්දින තරග ක්රිඩාකරලා නැහැ.නමුත් ඔහු හොද ක්‍රීඩකයෙක්.ඔහු උත්සහ කරනවා කණ්ඩායම එක අරමුණකට ගන්න.ඒ හැකියාව ඔහුට උපරිම වශයෙන් තියනවා.ඒ වගේම අපිට ඉන්නවා පෙරළිකාර වෙනසක් කරන්න පුළුවන් විශේෂ හැකියාවන් තියන ක්‍රීඩකයින්. විශේෂයෙන්ම ඇන්ජලෝ මතිවුස්, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින්. ඔවුන් තරග ජයග්‍රහණය කරවන්න පුළුවන් ක්‍රීඩකයින්. ඔවුන්ට නිදහස දෙනවනම් ඔවුන්ගේ වටපිටාවේ කිසිම වරද්දක් නොවීමට ඉඩ ලබාදෙන්නේ නෙත්නම් ඔවුන්ට ලොකු වෙනසක් කරන්න හයියක් එයි ලෝක කුසලානයේදී. මම හිතනවා තරග 4ක් හෝ 5ක් ජයගතහොත් ලෙහෙසියෙන් අපට සෙමි ෆයිනල් වටය දක්වා යන්න පුළුවන් කියලා.මම හිතනවා කණ්ඩායම එම අවස්ථාව ගනයි කියලා. ලොකු විශ්වාශයක් තියනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අවස්ථාවක් තියනවා කියලා, නමුත් ඔවුන් ඉන්නේ ලොකු ලකුණු අතර නොවේ පන්දු යවන්නන් පවා. නමුත් ඔවුන් හරි දේ කලොත් හරි මාර්ගයක් සොයා ගත්තොත් ඔවුන්ට පුළුවන් වෙයි පෙරළිකාර ජයග්‍රහණයක් ලබාගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here