
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තකණ්ඩායම අතර ජනවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වේ.
එයට හේතු වී ඇත්තේ දෙරට අතර පවතී තෙවැනි එක්දින තරගයේදී පන්දු රැකීමේදී ඔහු කලවය ආශ්රිත අබාධයකට ගොදුරුවිමය. එය පළමු ශ්‍රේණියේ අබාධයක් නිසාවෙන් ඔහුට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවන බවත් එම නිසා විස්සයි විස්ස තරගය ඔහුට අහිමි වන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
ඔහු වෙනුවට විස්සයි විස්ස තරගය සඳහා තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩග් බ්‍රෙස්වෙල් නම්කර තිබේ.