ලංකාවට එරෙහිව කොදෙව්වෝ පූර්ණ එක්දින තරගාවලි ජයක් ලබති

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් වශයෙන් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (14) සමත්වීය. එය මෙරටට එරෙහිව ඔවුන් පූර්ණ එක්දින තරගාවලි ජයක් ලබාගත් පළමු අවස්ථාව බවටද පත්විය.

ඊයේ පැවැති තෙවැනි එක්දින තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජයගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 274ක් ලබාගත්තේය. මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුවුද, මැද පෙළ ශක්තිමත් කළ වනිඳු හසරංග සහ අශේන් බංඩාර 7 වැනි කඩුල්ල වෙනුවවෙන් නොබිඳුනු ලකුණු 123ක් පිහිටුවූහ.

එහිදී සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ වනිඳු හසරංග නොදැවී ලකුණු 80ක් සහ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ අශේන් බංඩාර නොදැවී ලකුණු 55ක් රැස් කළහ.

පන්දු යැවීමේදී අකේල් හොසේන් ලකුණු 33කට කඩුලු 3ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48 පන්දු 3කදී තරගය ජය ගත්තේ කඩුලු 5ක් පමණක් බිඳ වැටී තිබියදීය.

ලකුණු 102ක් ලබාගෙන ශතකයක් වාර්තා කළ ඩැරන් ඩැරන් බ්‍රාවෙf් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ෂායි හෝප්ටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here