රෝස පන්දුවේ අපලයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40ක විශිෂ්ට ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (26) සමත්විය. ඒ බ්‍රිස්බ්‍රේන්හිදී පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරගය තෙවැනි දිනයේදීම නිමාවට පත් කරමිනි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවාර 56.4කදී සියලුදෙනාම දැවී ශ්‍රී ලංකාවට ලබාගත් හැකිවුයේ ලකුණු 144ක් පමණි. එහිදී ශ්‍රී ලංකාවේ ගෞරවය බේරාගැනීමේ සටනක නියැලුණු නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් රැස්කරනු ලැබුවේ පන්දු 78කිනි. ඊට අමතරව දිමුත් කරුණාරත්නගේ පිත්තෙන් ලකුණු 24ක් වාර්තා විය. පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු 4ක්, රිචඩ්සන් කඩුලු 3ක් සහ ස්ට්‍රාක් කදුළු 2ක් බිඳ හෙලීය.

සිය පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවෝ සියලුදෙනාම දැවී ලකුණු 323ක් රැස්කිරීමට සමත්වූහ. එහිදී හෙඩ් ලකුණු 84කින් ලබුස්චාන්ග්නේ ලකුණු 81කින් එම ඉනිමට පිත්තෙන් දායකත්වය සැපයුහ. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ අතර දිල්රුවන් පෙරේරා ද කදුලුු දෙකකට වග කිවේය.

ලකුණු 179ක් පිටුපසින් හිඳ සිය දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකාවට සියලුදෙනාම දැවී ලබාගත හැකි වුයේ ලකුණු 139ක් පමණි. එයද පළමු ඉනිමට නොදෙවෙනි ඉනිමක් බවට පත්විය. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ දිමුත් ලකුණු 34ක් රැස්කළේය. ඊට අමතරව දික්වැල්ල සහ ලකුණු 24ක් රැස්කරමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා විශාල උත්සහයක් ගත්තද ඔවුන්ගේ දැවී යාමෙන් අනතුරුව එම උත්සාහය ගඟට කපු ඉනි මෙන් විය.

දිගින් දිගටම අසාර්ථක වන ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබඳ තේරීම් කමිටුව සහ පුහුණුකරුවා මාධ්‍ය ඉදිරියේ කුමක් කිවද ක්‍රීඩා පිටිය තුලදී ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශයන්ගෙන් ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සියලුදෙනාටම පැහැදිලි කරගැනීම නම් එතරම් අපහසු නොවනු ඇත.

රතු පැහැති පන්දුවෙන් මෙරට මන්දගාමී තණතීරු වල ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම‌ට රෝස පන්දුව තාමත් අපලයක් බවට පත්ව ඇත්තේ බටහිර රටවල වේගවත් තණතීරු වලදී ඉක්මනින් ඉපිළෙමින් පැමිණෙන පන්දුවලට මුහුණදීමට අපේ ක්‍රිඩකයන්ට අවශ්‍ය පුහුණුව තාමත් ලැබී නොමැතී නිසාවෙන් බව නම් ඉතා හොදින් පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here