යුවෙන්තස් හා මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය අතර ශූරයින්ගේ කුසළාන (UEFA Champions League) තරඟාවලියේ අද (08) පැවති තරඟයෙන් 1-2ක් ලෙස ජය ලබාගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් සමාජය සමත් වුණා.
එහිදී යුවෙන්තස් වෙනුවෙන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මෙවර ශූරයින්ගේ කුසළාන තරඟාවලියේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණු අතර මැනචෙස්ටර් වෙනුවෙන් ජුවාන් මාටා හා ඇලෙක්ස් සැන්ද්‍රෝ ගෝලය බැගින් වාර්තා කළා. H කාණ්ඩයෙන් තවමත් ඉදිරියෙන් පසුවන්නේ සහභාගී වූ තරඟ 4 න් 3ක් ජයගත් යුවෙන්තස් කණ්ඩායමයි.