රයිනා IPL වලින් ඉවත් වෙයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන සුරේෂ් රයිනා මෙවර IPL තරගාවලියෙන් ඉවත්වන බව ඊයේ (29) නිවේදනය කළේය.

ඔහු එම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික හේතුවක් නිසා බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක එම්.එස්. දෝනි පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගෙන සුළු මොහොතකට පසු රයිනා ද සිය සමුගැනීම නිවේදනය කිරීම බොහෝදෙනකුගේ කතාබහට ලක්විය.

මේ අතර විචාරකයන් පෙන්වා දෙන්නේ මේ වනවිට IPL තරගාවලියට සහභාගීවිම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණ ඇති චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායමේ  කිහිපදෙනකුටම ⁣කොරෝනා වයිරසය ආසාදනය වීම රයිනාගේ මෙම තීරණයට ආසන්නතම හේතුව විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here