රඹුක්කනට ක්‍රිකට් ජයක්

රඹුක්කන  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායම සහ පොළොන්නරුව විජිත ක්‍රීඩා සමාජය අතර පැවතී සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක ජයක් ලැබීමට රඹුක්කන කණ්ඩායම සමත් වුයේ එම කණ්ඩායමේ රෝහිත විජේසිංහ ලකුණු 9කට කඩුලු 7ක් බිද දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බැවිනි. කණ්ඩායමකට පන්දුවාර 40 බැගින් සීමාවූ තරගය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් රඹුක්කන කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසනදී කඩුලු 8ක් බිඳ වැටි ලකුණු 195ක් ලබාගැනීමට සමත් විය. කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ මනෝජ් ප්‍රියනාත් ලකුණු 56ක් ලබාගනිමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු යැවීමේදී පොළොන්නරැව කණ්ඩායම වෙනුවෙන් අමිත් ජයසිංහ කඩුලු 4ක් බිද දැමීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පොළොන්නරුව කණ්ඩායම ලකුණු 154කට සිමා කිරීමට රඹුක්කන කණ්ඩායමට හැකිවිය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රෝහිත විජේසිංහ පන්දුවාර 6ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 9කට කඩුලු 7ක් බිඳ දැමීමට සමත්විය. පොළොන්නරැව කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කණ්ඩායම් නායක සංගීත් කරුණාරත්න ලකුණු 46ක් ලබාගත්තද රඹුක්කන ජය නතර කිරීමට එය පමාණවත් නොවුණී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here