ඊයේ සූරියවැව ක්රිකට් ක්රීඩාංගණයේ පැවති ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් තරඟය අතරතුර එක්වරම විදුලි ආලෝක කුළුණු දෙකක් නිවී ගියා. නමුත් මිනිත්තු 20 ක් වැනි කාලයකදී එය යථා තත්වයට පත්කිරීමට සමත්වුණා.
තරඟයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදීයි රාත්රී 9.35ට පමණ මෙලෙස විදුලි ආලෝක කුළුණු දෙකක් නිවී ගියේ.
දෙවන ඉනිමේ ශ්රී ලංකා ක්රීඩක නුවන් ප්රදීප් එම අවස්ථාවේ පන්දුයවමින් සිටි අතර ඔහුගේ පන්දුවක් හමුවේ බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩක Keemo Paul දැවී යාමත් සමඟයි මෙලෙස මෙලෙස ආලෝකය නිවී යන්නේ.
කෙසේ වෙතත් සුළු වෙලාවක් ඇතුලත නැවතත් එම ආලෝක කුළුණු යථා තත්වයට පත්කිරීමත් සමඟ තරඟය ආරම්භ කෙරුනා.
එම අවස්ථාව පහතින්.