රග්බි නිලධාරීන් මාධ්‍යවේදීන්ව නොසලකා හැරලා

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරග ආවරණය කිරීමට ක්‍රීඩාංගණයට ගිය මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතැම් රග්බි නිලධාරීන් විසින් පැහැර හැර මාධ්‍යවේදීන් අපහසුවට ලක්කිරීමේ පුවතක් Sports Today වෙත වාර්තා විය.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පසුගිය 30 වැනිදා හැව්ලොක් හා පොලිස් කණ්ඩායම් අතර පැවති තරගයකදී එම තරගයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල ආනා විජේරත්න මහතා විසින් කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ලැයිස්තුව මාධ්‍යවේදීන්ට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් සාමාන්‍යයෙන් තරග සංවිධායකවරුන් විසින් කණ්ඩායම් වල නම් ලැයිස්තු මාධ්‍යවේදීන්ට ලබාදීම සාමන්‍ය ක්‍රමවේදයයි. මිට අමතරව මාධ්‍යවේදීන්ට වැඩිවීමට පුටුවක් පවා ලබා නොදීමේ අවස්ථාවන්ද ඇතැම් තරග වලදී වාර්තා වී තිබිණි.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් විසින් රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව ඔහු සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් සපයාදෙන ලෙස ක්‍රීඩා සමාජ වෙත ඊමේල් පණිවුඩයක් මගින් දැනුම්දෙන බවත්, අයහපත් ලෙස හැසිරුණු නිලධාරීන් පිළිබඳව සොයා බලන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here