රංගනට බංග්ලාදේශයේ පුහුණුකාර ධුරයක්

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීන දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකාර ධුරය සඳහා ආරාධනාවක් ලැබී ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම තමාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍යදැයි රංගන විසින් විමසා ඇතත්, ඒ සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණු බවද ඔහු සඳහන් කර තිබුණි. ඉන් අනතුරුව තමා මෙම තීරණය ගැනීම සඳහා ඉතා අපහසුවෙන් වුවද හිත හදාගත් බවත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර ඉතා ඉක්මනින් තීරණයකට එළැඹෙන බවත් රංගන වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here