රංගනට බංගලි පුහුණුකරු ධුරය අහිමිවෙයි

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු තනතුර අහිමි වන බව වාර්තා වේ.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රංගන දිගු කාලීනව එම තනතුර භාරගැනීමට අකමැති වීමය. ඔහු දින 120කට පමණක් අදාළ තනතුර භාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

තවද ඔහුට පුහුණුකරුවකු ලෙස අත්දැකිම් නොමැති වීම සහ කොන්ත්‍රාත් මුදල සම්බන්ධයෙන් අවසන් එකගතාවකට එළැඹිමට නොහැකි වීමද මේ සඳහා බලපා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here