යෞවනයෝ කැන්ගරුවන්ට එරෙහිව එක්දින ජයක් ලබති

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ පි. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවතී තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 64ක ජයක් ලැබීමට ඊයේ (07) සමත්විය. එහෙත් තරග 3කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගනු ලැබුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8කට ලකුණු 256ක් රැස්කිරීමට සමත්විය. නිපුන් ධනංජය ලකුණු 71කින් හා සොනාල් දිනුෂ 50කින් සිය දායකත්වය ලබාදී තිබුණි. සැක් එවන්ස් ලකුණු 39ට කඩුලු 3ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානුවන්ට පන්දුවාර 46.3කදී සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 192ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බැක්ස්ටර් හෝල්ට් ලකුණු 60 රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී සුධීර තිලකරත්න ලකුණු 34කට කඩුලු 4ක් බිඳහෙලීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here