යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා පිටිය හොල්ලයි… දකුණු ආසියාවේ වේගවත්ම කාලය යුපුන්ට…

මීටර 100 ඉසව්ව වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු මෙන්ම දකුණු ආසියානු කලාපීය ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කරන්නට යුපුන් ප්‍රියදර්ශන පෙරේදා (08 වැනිදා) සමත් වූයේය. ඒ ජර්මනියේ ඩෙසොව ෝ නුවර පැවති ‘අන්හොල්ට්’ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ඉසව්ව සඳහා තත්පර 10.16ක කාලයක් වාර්තා කරමිනි.

ඉතාලියේ සිට පුහුණුවීම් සිදුකරන යුපුන් පළමු වටයේදී තත්පර 10.26ක කාලයක් වාර්තා කරමින්
මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර එම අවසන් තරගයේදී යුපුන්ජ ර්මනියේ මීටර 100 ශූරයා වූ ඩෙනිස් අල්මාස්වද පරාජය කිරීම විශේෂත්වයකි.

මෙම කාලයත් සමගින් හිමාෂ එෂාන් 2019 වසරේ පෙබරවාරි මාසයේ සුගතදාසයේදී පැවති ජාතික තේරීම් තරගාවලියේදී මීටර 100 ඉසව්ව වෙනුවෙන් වාර්තා කල තත්පර 10.22ක වාර්තාව බිඳ වැටිණි.  යුපුන් ඉකුත් සතියේදී තත්පර 10.31ක කාලයක් වාර්තා කරමින් ඉතාලියේදී පැවති තරගාවලියකදී තම පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ අතර දින 20කට අවම කාලයකදී මෙසේ වේගවත් කාල දෙකක් වාර්තා කිරීමද කැපී පෙනෙයි.

ඉකුත් දෙසැම්බර් මාසයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමට යුපුන් අපොහොසත් වූ අතර එම තරගාවලියේ මීටර 100 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ හිමාෂට එහිදී හිමිවූයේ රිදී පදක්කමකි. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100×4 සහය දිවීමේ පිරිමි කණ්ඩායම විසින් අලුත් කළ වසර 15ක් පැරණි වාර්තාව සඳහා යුපුන්
දායකත්වය ලබාදී තිබුණි.

නමුත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මේ වනවිට සුදුසුකම් ලැබීමේ කඩයිම තත්පර 10.05ක් වේ. පෙරේදා දිනයේ රටවල් කිහිපයකදීම මෙවැනි තරගාවලි ක්‍රියාත්මක වූ අතර එහිදී ඉතාලියේ රෝවටෝහිදී පැවති තරගයකදී පොදු රාජ්‍ය මණ්ඩලීය මීටර 100 රන් පදක්කම දිනූ අකානි සිම්බිනේ වාර්තා කර තිබුණේ තත්පර 10.17ක කාලයකි.

අරුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here