යුද හමුදාපති කුසලාන ලීග් ක්‍රිකට් අවසන් සටන අද දොඹගොඩදී

ශ්‍රී ලංකා යුද හමුදාව පළමු වරට සංවිධාන කරන ‘යුද හමුදාපති කුසලාන ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (17) පස්වරු 1.30ට දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිනේෂ් චන්දිමාල් මෙහෙයවන ඩීමෝ සදර්න් වොරියස් කණ්ඩායම සහ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන් නොදර්න් වොරියස් කණ්ඩායම මෙහිදී තරග බිමට පිවිසෙයි.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සුපර් ෆැෂන් නොදර්න් වොරියස් සංචිතය –

සීක්කුගේ ප්‍රසන්න (නායක), අකිල ධනංජය, අරුන් අන්චායන්, අශාන් සම්පත්, අශාන් රන්දික, භානුක රාජපක්ෂ, භාෂිත ලක්ෂාන්, දසුන් ශානක, ඩිල්ෂාන් මදුශංක, හරිත් ප්‍රනාන්දු, හේෂාන් හෙට්ටිආරච්චි, ඉරේෂ් චාමර, ජානක සම්පත්, ප්‍රභාත් ද සිල්වා, රවීන් පෙරේරා, සරත් මධුෂංක, ෂෙහාන් ප‍්‍රනාන්දු, ශිහාන් ද සිල්වා, තරිඳු කෞෂාල්, විනෝද් පෙරේරා.

ඩීමෝ සදර්න් වොරියස් සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), අසන්ත බස්නායක, බිෂාන් මෙන්ඩිස්, ඩිලාන් මධුෂංක, දුෂ්මන්ත චමීර, ගයාශාන් කෝරලගොඩ, ගිහාන් කෝරලගේ, ජගත් රාජපක්ෂ, ජනිත් ද සිල්වා, කවිෂ්ක ලක්ෂාන්, මධුෂාන් බොතොටගේ, මලින්ද අභිෂේක්, ප්‍රියන්ත රත්නායක, රශ්මික සිරිවර්ධන, රුචිර සිල්වා, ෂෙහාඩ් සොයිසා, සුමින්ද ලක්ෂාන්, සුරංග ලක්මාල්, තුෂාන්ද සොයිසා, වනිඳු හසරංග

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here