“මේක සික්ස් පැක් (SIX PACK) ගැන දෙයක් නෙමෙයි” – මාලිගේ බඩ ගැන මහේලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග සම්බන්ධයෙන් විවිධ කතා සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

මාලිංග උදරය ප්‍රදර්ශනය වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යජාල වල සැරිසැරීමත් සමඟ මේ දිනවල බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා .

එම ඡායාරූප පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරක් පසුගියදා ලබා දී තිබුණා.

එහිදී මහේල සඳහන් කර තිබුණේ “මේක සික්ස් පැක් (Six Pack) ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳ දෙයක්. කෙසේ හෝ මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්නුවා” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහේල ප්‍රකාශ කර සිටියේ ” වසර කිහිපයක සිට ඔහු ශ්‍රී ලංකාවේ අවශ්‍යතම මොහොතේ මේ වගේ දස්කම් දක්වා තියෙනවා. ඔහුගේ උපරිම දක්ෂතාව දක්වනවා ඒක සතුටක්. අලුත් පන්දුවෙන් ඔහු මෙහෙයුමක හිටියේ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බොහෝ තරඟවලදී දස්කම් දක්වනවා. මෙම තරගයේදී රූට් සහ බට්ලර් දවාගැනීම තීරණාත්මකයි. ඔවුන් දවාගන්න බැරි වුණා නම් ඔවුන් එංගලන්තය ජයග්‍රහණය කරවන්නත් ඉඩ තිබුණා.

ඇත්තටම මේක අපි නොසිතු ජයග්‍රහණයක්. දැන් අවසන් පූර්ව වටයේ තරගකාරීත්වය තවත් වැඩි වුණා.මේක ලංකාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. ලෝක කුසලානයටත් හොඳ දෙයක්. අවසන් පූර්ව වටයේ අවස්ථා වැඩි වෙනවා. දැන් මුල් ස්ථාන හතරේ ඉන්න කණ්ඩායම් ඔවුනොවුන් එක්ක ක්‍රීඩා කරාවි. නවසීලන්තය බැලුවොත් ඔවුන්ට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග තරග කරන්න තියනවා.

ඒ නිසා බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායමට තරග කීපයක් ජයග්‍රහණය කරලා ලකුණු ලබාගෙන ඉදිරියට පැමිණීමට මේක ලොකු අවස්ථාවක් තියෙනවා.” යනුවෙන් මහේල වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here