මුරලි, ඩිල්ෂාන් යළිත් T20 පිටියට

මාර්ග ආරක්ෂාව සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් කරනු ලබන වැඩසටහන් සඳහා ආධාර ලබාදීම වෙනුවෙන් “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” නමින් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව තිබේ.

එහි විශේෂත්වය වන්නේ ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ලොව සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමයි.

වසරක් පාසා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු වරට පැවැත්වෙන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 02 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා,  

  • ඉන්දියන් ලෙජන්ඩ්ස්
  • ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්
  • ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්
  • දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස්
  • බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්

ලෙස කණ්ඩායම් පහක් සහභාගී වෙයි.

සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග්, මුත්තයියා මුරලිදරන්, තිලකරත්න දිල්ෂාන්, බ්‍රේට් ලී, බ්‍රයන් ලාරා, ජෝන්ට් රෝඩ්ස්, ජැක් කලීස්,  ශිවනරීන් චන්ද්‍රෙපාල් ඇතුළු හිටපු සුපිරි ක්‍රිකට් තරු 110ක් පමණ මේ වනවිට මෙම තරගාවලිය සඳහා තමන්ගේ සහභාගීත්වය තහවුරු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here