මුම්බායි ඉන්දියන් පළමු ජය ලබයි….

අයි.පී.එල්. තරගාවලියේ ඊයේ පැවති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා ලකුණු 49 ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here