මිස්බා උල් හක්ගේ පුහුණුවෙන් පළමු තරගාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව

ඉදිරි වසර 3ක කාලයක් සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානියා වශයෙන් හිටපු නායක මිස්බා උල් හක් පත් කර තිබෙනවා.

පසුගියදා ඔහු පාකිස්තාන ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වූයේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඉල්ලුම් කිරීමේ අරමුණින්.

එසේම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස්ව පත් කර තිබෙනවා.

ඒ අනුව මිස්බා උල් හක් සහ වකාර් යුනිස් සිය ධුරයන් භාරගැනීමෙන් පසුව මුහුණ දෙන පළමු තරගාවලිය මෙම මස අවසානයේදී පැවැත්වෙයි. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here