ලෝක කුසලාන පාපන්දු ශූර ආජෙන්ටිනා පිලේ හිටපු නායක ඩියාගෝ මැරඩෝනා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. 60 හැවිරිදි වියේ පසුවන මැරඩෝනාගේ මොළයේ රුධිර කැටි ගැසීමක් සිදු වී ඇතැයි ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා මාධ්‍යයට පවසා තිබේ. පසුගිය දින කිහිපය තුළ මැරඩෝනා මානසිකව මෙන්ම ශාරිරිකව ද දුබල තත්ත්වයක සිටින බවත් කී වෛද්‍යවරයා ඔහුට හදිසි සැත්කමක් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කළේය.