මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරගයක් මේ වනවිට පැවැත්වෙන අතර, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසනදි කඩුලු 7කට ලකුණු 264 ක් ලබාගත්තේය. එහිදි විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස් විශ්ෂ්ට ශතකයක් රැස්කරනු ලැබුවේ ලකුණු 114ක් ලබාගනිමිනි.

මෙය ඇන්ජලො මැතිව්ස් එක්දින තරගවලදී ලබාගත් තෙවන ශතකය වන අතර ලෝක කුසලාන තරගාවලියකදී ලද තෙවන ශතකය බවටද පත්විය. එහි විශේෂත්වය වන්නේ එම ශතක තුනම ඉන්දියාවට එරෙහිව ලබාගෙන තිබීමය.

ලකුණු 55කට කඩුලු 4ක් බිඳවැටී තිබුණු මොහොතක ලහිරු තිරිමාන්න සමගින් එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ශතක සබඳතාවයක් ගොඩනගනු ලබුවේ ලකුණු 124ක සබඳතාවයක් පවත්වමිනි.

මැතිව්ස්ට අනගි සහයක් ලබාදුන් ලහිරු තිරිමාන්න ලකුණු වේගය වැඩිකිරීම සඳහා වේගයෙන් පන්දුවට පහරදීම ගොස් ලකුණු 53කට දැවී ගියේය.

මෙම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය වන්නේද මෙයයි.

ප්‍රබල ඉන්දියාව හමුවේ ලකුණු 264ක් ආරක්ෂා කරගැනීමේ අභියෝගයට ශ්‍රී ලංකාව දැන් මුහුණදිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here