මාලි නැති නිසා දෙවැනි තරගයට ගන්නවා කිව දසුන් ශානක අදත් එළියේ

සංචාරක බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග එක්දින තරගවලින් සමුගන්නා නිසා අවසන් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් නම්කර තිබුනේ දෙවැනි තරගයේ සිට දසුන් ශානක කණ්ඩායමට ඇතුළත් කිරීමට බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර තිබුණි.

එහෙත් මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයටද දසුන්ව ඇතුළත් කර නොමැත. බංගලාදේශය සමගින් පැවති පළමු පුහුණු තරගයේදී නොදැවී ලකුණු 86ක් ලබාගැනීමට සමත්වූයේ පන්දු 66කිනි.

දෙවැනි එක්දින තරගයේදී ලසිත් මාලිංග වෙනුවට වේගපන්දුයවන්නෙක් ලෙස ඉසුරු උදාන කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර ඊට අමතරව තිසර පෙරේරා වෙනුවට කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ අකිල ධනංජයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here