මාලි, කුලේ ඔබට සුබ ගමන්…

ලසිත් මාලිංග යනු වසර 15 තිස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කළ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක වාර්තා කිහිපයකටම හිමිකම් කියන අප රට තුළින් බිහිවූ දක්ෂතම වේගපන්දු යවන්නෙකි. මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙතට යොමුකරවූ ක්‍රීඩකයෙක්. පන්දුවෙන් තරග දිනවන කඩුලු මැෂිමක් කිව්වොත් නිවැරැදියි. ඒ වගේම එදාමෙදාතුර ලෝකයේ හොඳම යෝකර් පන්දු යවන්නා ඔහුයි. වැඩිම කඩුලුලාභීන් අතර දහවන තැන සිටින්නේත් ඔහුයි. පාපන්දු ක්‍රීඩාවේ ඩේවිඩ් බෙකම් මෙන්, තමාගේම කොණ්ඩ විලාසිතාවක් ලොවට හඳුන්වාදුන් ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ ආදරණීය වේගපන්දු යවන්නා ඔහුයි.

ඊයේ (31) පැවැති තෙවැනි එක්දින තරගය නුවන් කුලසේකරගේ සමුගැනීම වෙනුවෙන් වෙන්කර තිබූ අතර මෙම විශිෂ්ටයන් දෙදෙනා පිළිබදවම සටහනක් තබන්නට නොහැකි වුවහොත් එය අපට තරම් නොවන්නකි. මෙම ලිපිය ලසිත් මාලිංග පිළිබද කෙටි සමරැ සටහනක්පි වන අතර ඉදිරියේදී නුවන්ළි කුලසේකර පිළිබදව ද එවැන්නක් ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වන්නෙමු.

ලසිත් මාලිංග නම් යෝකර් කින් නමින් ප්‍රකට රත්ගම වීරයා ජූලි 26 වෙනි දින පවත්වන ලද බංග්ලාදේශය සමග එක් දින තරගයෙන් පසු එක් දින තරග වලින් සමු ගන්නා අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අඩුවකි. යෝකර් කින් ශ්‍රී ලාංකිකයන් වන අපට මෙන්ම රටටද ගෙන ආවේ මහත් අභිමානයක් හා ආඩම්ගෙභරයකි. විටෙක කන්ඩායම් නායකයෙකි. ලෝක පූජිත ලෝකයක් පිලිගත් ආදරනීය ක්‍රීඩකයෙකි. 2014 වසරේදී ශ්‍රී ලංකාවට T20 ලෝක කුසලානය ගෙනාව නායකයාද මොහුයි.

ලොවක් දිනාගෙන ලෝකයක් ආදරය කරන යෝකර් රජුනි ඔබට සුභ ගමන්…..

ශර්මිලා කුරුප්පුගේ ( කවීශා )

(නවක රංගන ශිල්පිනී, ශ්‍රී ලංකා ක්‍රිකට් තරු සහ ලෙජන්ඩ් කවී ෆේස්බුක් සමූහයේ ප්‍රධාන ඇඩ්මින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here