මාලිංග එකම ඕවරයකදී ලෝක වාර්තා 3 ක් තබයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ පවතී 20/20 තරගයේදී පිට පිට යැවූ පන්දු හතරකින් කඩුලු 4 ක් ලබාගත් පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ලසිත් මාලිංග වාර්තා පොතට එක් විය.

ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් මාලිංග විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු තිත්ව දෙකකට හිමිකම් කි ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය.

එමෙන්ම ඊයේ පවතී තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලොව පළමුවැනි පන්දු යවන්නා ලෙසද ඉතිහාසගත විය.

ඒ අනුව මාලිංග එකම පන්දු ඕවරයකදී ලෝක වාර්තා 3 ක් තමන්සතු කරගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here