මාලිංග අවසන් පන්දුවෙන් මුම්බායි IPL ශුරයන් බවට පත්කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගයේදී චෙන්නායි සුපර් (CSK) කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමින් මෙවර ශුරතාවය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් (MI) කණ්ඩායම ඊයේ (12) සමත්විය. තරගය හයිබ්‍රාද්හිදි පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක රෝහිත් ෂර්මා තීරණය කරනු ලැබුවේ පළමුව පන්දුවට පහරදීමටය. ඒ අනුව පිට්යට පිවිසි ආරම්භක පිතිකරු යුගලය වූ නායක රෝහිත් ෂර්මා සහ කුයින්ටන් ඩී කොක් යුගලය වේගවත් ආරම්භයක් ලබා ගත්තද ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව මුම්බායි ලකුණු ලබාගැනීමේ දළ වේගය අඩාල විය. එහෙත් අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගකාරි ලෙස සිය පිත්ත හැසිරවූ කිරන් පොලාඩ් පන්දු 25කින් වේගවත් ලකුණු 41ක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8ක් බිඳවැටී මුම්බායි ක්‍රීඩකයන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි.

මෙවන් අවසන් මහා තරගයකදී ප්‍රබල චෙන්නායි කණ්ඩායමට එරෙහිව එය අභියෝගාත්මක ලකුණු පුවරුවක් වුවද, මෙවර තරගාවලියේදී මෙම කණ්ඩායම් දෙක මීට පෙර තෙවතාවක් එකිනෙකා සමගින් ක්‍රීඩා කළ අතර එම තරග තුනම ජයගෙන තිබුනේ මුම්බායි කණ්ඩායම බැවින් මානසිකව ඔවුනට එය විශාල අස්වැසිල්ලක් වන්නට ඇත.

ලකුණු 150 ඉලක්කයක් හඹා ගිය චෙන්නාය් කණ්ඩායම පහසුවෙන්ම මෙම තරගය ජයගන්නා බව ආරම්භයේ සිටම පසක්වූයේ ඔවුන්ගේ වේගවත් පිතිකරණ රටාව නිසාවෙනි.

මීට පෙර පැවති තරග වලදී ඉතා හොඳින් පන්දු යැවූ ලසිත් මාලිංග ඊයේ දැඩි ප්‍රහාරයකට ලක්විය. කෙසේවෙතත් ඉන්මේ 19 වැනි පන්දුවාරය අවසන් වනවිට මාලිංගගේ පන්දුවාර තුනට ප්‍රතිවාදීන් විසින් ලකුණු 41ක් ලබාගෙන තිබිණි. ඒ් අනුව චෙන්නායි කණ්ඩායමට තරගය ජයගැනීමට නම් පන්දු 6ක් තුළ ලකුණු 9ක් ලබාගැනීමට අවශ්‍ය විය. කෙතරම් ප්‍රහාරයකට ලක්ව සිටියද නායක රෝහිත් ෂර්මා එම පන්දුවාරය යැවීමට පන්දුව භාරදෙන්නේ තවමත් ලොව හොඳම විස්සයි විස්ස පන්දුයවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංගටය. එහෙත් බොහෝ විචාරකයන් ඒ වනවිටත් පැවසුවේ චෙන්නායි කණ්ඩායම පහසුවෙන්ම තරගය ජයගනු ඇති බවයි. ඒ වනවිටත් මුම්බායි කණ්ඩායමට ප්‍රබල හිසරදයක් බවට පත්ව සිටි වොට්සන්ව ලකුණු 80දී දුවද්දි දවාගැනීමට අවසන් පන්දුවාරයේදී සමත්වීමත් සමග තරගය කණපිට පෙරළිණි.

මාලිංග සිය පරිණත බව හොඳින් පසක් කළේ අවසන් පන්දුවේදී ප්‍රතිවාදින් ලකුණු 148කට සීමා කරමිනි. ඒ අනුව මුම්බායි කණ්ඩායම 4 වැනි වරටත් මෙවර IPL ශූරතාව දිනාගැනීමට සමත්වූයේ 3 වරක් එම ශුරතාව දිනූ චෙන්නායි කණ්ඩායම අනුශුරයන් බවට පත්කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here