මාලිංගගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියා යන ශ්‍රී ලංකා T20 කණ්ඩායම

මෙම මස අගදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය සඳහා වන සංචිතය නම් කර තිබේ.

ඒ සඳහා පසුගිය පාකිස්ථාන සංචාරය සඳහා සහභාගී නොවූ ක්‍රීඩකයන් 10 දෙනාගෙන්, ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් පමණක් මෙම සංචාරය සඳහා සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන අතර නායකයා වශයෙන් නිත්‍ය නායක ලසිත් මාලිංග කටයුතු කරනු ඇත.

පාකිස්ථානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් නවක ක්‍රීඩකයන් රැසක් මෙම සංචාරය සඳහා සහභාගී කරවාගෙන තිබීම විශේෂත්වයක්.  

ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක)
අවිෂ්ක ප්‍රනාන්දු
ධනුෂ්ක ගුණතිලක
නිරෝෂන් දික්වැල්ල
කුසල් ජනිත්
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්‍ෂ
ඕෂධ ප්‍රනාන්දු
දසුන් ශානක
ෂෙහාන් ජයසූරිය
වනිඳු හසරංග
ලක්‍ෂාන් සඳකැන්
ඉසුරු උදාන
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ළහිරු කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here