මාලිංගගෙන් ලෝක වාර්තාවක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ලබාගත් කඩුලු 2ත් සමගින් ජාත්‍යන්තර 20-20 පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා 20-20 නායක ලසිත් මාලිංග සමත් වුණා. එම කඩුලු 2ත් සමගින් ඔහු මේ වනවිට දවාගෙන ඇති සමස්ත කඩුලු සංඛ්‍යාව 99ක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ පාකිස්තානු ක්‍රීඩක සයිඩ් අෆ්රිඩි ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 98ක්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් රැස්කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 19.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉනිම පසු කිරීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here