මාලන් සැමුවෙල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි…

39 හැවිරිදි  බටහිර ඉන්දීය පිතිකරු මාලන් සැමුවෙල්ස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ සමුගැනීමේ නිවේදනය කොදෙව් ක්‍රිකට් ආයතනය වෙත
සැමුවෙල්ස් විසින් දැනුම් දී තිබේ.

ඉකුත් මාසයේදී එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස් සැමුවෙල්ස්හට වර්ගවාදී චෝදනාවක් එල්ල කරමින් කළ ප්‍රකාශය මෙම සමුගැනීමට ආසන්නතම හේතුව බව ඇතැම් මාධ්‍ය වාර්තා කළද එහි සත්‍යතාවක් ගැන නිල වාර්තාවක් නොමැත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනූ පන්දුවාර 20 ලෝක කුසලාන දෙකෙහිම (2012 සහ 2016) අවසන් තරගවල තරගයේ වීරයා වූයේද මාලන් සැමුවෙල්ස් වීම විශේෂත්වයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here