මහේලගේ මුම්බායි ඉන්දියන්ස් 5වන වරටත් IPL ශුරතාවය දිනාගනී…

දිල්ලි කැපිටල්ස් පිල කදුළු 5 කින් පරාජයට පත්කරමින් මහේල ජයවර්දන පුහුණුකාරිත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 5වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කිරුල දිනාගැනීමට ඊයේ (10) සමත්විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අකණ්ඩව දෙවැනි වරටත් ජයගත් IPL ශුරතාවය මෙය වීම විශේෂත්වයකි.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 156 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි මුම්බායි පිල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක ශක්තිමත් ආරම්බයක් එක්කළේය. පළමු කඩුල්ල වෙනුවෙන් ක්වින්ටන් ඩි කොක් ලකුණු 20 කට දැවී ගියද නායක රෝහිත් ශර්මාට එකතු වූ සූරියකුමාර් යාදෙවූ දෙවැනි කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 45 ක සම්බන්ධතාවයක් එක්කළේය. නායක රෝහිත් ශර්මා පන්දු 51 කට මුහුණ දී 4 පහර 5ක් හා 6 පහර 4ක් සමගින් ලකුණු 68 ක් ලබාගෙන කිරුල තම කණ්ඩායමට වෙන්කර දුන්නේය.

පන්දුවාර 4ක් යවා ලකුණු 30කට කඩුලු 3ක් ලබාගත් ට්‍රෙන්ට් බෝල්ට් තරගයේ වීරයා විය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here