මංජුල ලන්දෙකුඹුර අද ඔලිම්පික් නිවහනේදී අට්ටාලයෙන් එළියට එයි

    ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී මංජුල ලන්දෙකුඹුර විසින් රචිත “අට්ටාලය” කෘතිය ජනගතකිරීම අද (29) පස්වරු 3.00ට කොළඹ 07හි පිහිටි ඔලිම්පික් නිවහනේදී සිදුකෙරේ. ජාතික රූපවාහිනියේ වසර ගණනාවක සිට ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන ඒ මහතා මෙරට ක්‍රීඩා සාහිත්‍යයට දායද කරන පළමු කෘතිය මෙයයි.

    ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර, ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ සහ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතාන යන මහත්වරුන්ගේ දෙසුම් තුනකට සවන්දීමට මෙම අවස්ථාවට සහභාගී වන්නන්ට අවස්ථාව හිමිවේ.

    ක්‍රීඩාවට ආදරය කරන ඔබ සියලුදෙනාටම මෙම අවස්ථාවට සහභාගි වන ලෙස මංජුල ලන්දෙකුඹුර මහතා විවෘත ආරාධනාවක් සිදුකරයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here