බැංගලොර් කණ්ඩායම පෙරමුණ රැකගනී

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ 22 තරගය වශයෙන් ඊයේ (27) පැවැති තරගයෙන් එක ලකුණක තියුනු ජයක් ලැබීමට රෝයල් චැලේන්ජර් බැංගලොර් කණ්ඩායම සමත්වීමත් සමග ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට ඔවුන් සමත්විය.
අහමදාබාද්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර් බැංගලොර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5ක් බිඳවැටී ලකුණූ 175ක් ලබාගත්තේය. එහිදි ඒ.බී. ඩිවිලියස් නොදැවී ලකුණු 75ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී කඩුලු 4ක් බිඳවැටී ලබාගතහැකි වූයේ ලකුණු 172ක් පමනි. එහිදී නායක රිෂාබ් පාන්ට් සහ ෂිම්රෝන් හේට්මයර් නොදැවී අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here